පොල්පිතිගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම
පොල්පිතිගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම
පොල්පිතිගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම අද(16) දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්පිතිගම පොලිස් ස්ථානයේදී පැවැත්විණි.
මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත උත්තමාචාර පිළිගැන්වීමත්, ගරු අමාත්‍යතුමා විසින් සර්වාගමික වතාවත් වලට සහභාගී වීමෙන් අනතුරුව නව ගොඩනැගිල්ලෙහි සමරු ඵලකය නිරාවරණය කිරීම සිදු කළේය.
ඉන් අනතුරුව නව ගොඩනැගිල්ලෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ මහජන ආරක්ෂක අමාත්‍ය වරයා, ඒ හා සමගාමීව පොල්පිතිගම පොලිස් ස්ථානය විසින් සංවිධානය කර තිබූ රුක් රෝපණ වැඩසටහනකට සහ මහජන හමුවකට සහභාගී විය.
මෙම මහජන හමුව අමතමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර සිටියේ, වසර ගණනාවක් අවශ්‍යතාවයක්ව තිබූ නව ගොඩනැගිල්ල නිම කොට ලබා දීමට හැකි වීම ගැන සතුටු වන බවත්, පසු ගිය වසරේ මැයි මාසයේ අමාත්‍යාංශයේ වගකීම භාර ගන්නා විට රට ව්‍යාකූල තත්වයක පැවති බවත්, පොලිස් නිලධාරීන්ගේ ගෞරවය හා අභිමානය පිරිහී තිබුණු බවත්, පසු ගිය අවුරුද්ද පුරාවටම කළ කී දෑ නිසා අද පොලිස් නිලධාරීන්ගේ ගෞරවය සහ අභිමානය නැවත
No comments