පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ හමුව
පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත්
කිරීමේ විශේෂ හමුව
2023.09.19 (ඊයේ) දින, පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතාගේ
ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු කමිටු කාමර අංක 01 හීදී පැවැත්විණි.
ඒ සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා ,පොලිස්පති සී.ඩී
වික්‍රමරත්න මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය
නියෝජනය කරමින් උසස් නිලධාරීන් සහභාගී විය. මෙම විශේෂ හමුව සඳහා පක්ෂ විපක්ෂ
මන්ත්‍රීවරුන් සහභාගී වූ අතර පරීක්ෂණ වාර්ථාව පිළිබඳ මන්ත්‍රී වරුන් නැඟූ ප්‍රශ්න
වලට විමර්ෂණ නිලධාරීන් විසින් පිළිතුරු ලබා දීම සිදු කෙරිණි. පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන්, පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්ථාව පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු
කිරීම සම්බන්ධව මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා වෙත ස්තූති කළහ.
No comments