Header Ads

Header ADS

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ඉන්දියානු සාගර වටඅද්දර කලාපීය සමුළුව එළඹෙන එකොළොස් වැනිදා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.එය අපට විශාල ගෞරවයක් වශයෙන් සඳහන් කළ යුතුයි. ඒ වගේම ඊළඟ වසර දෙක තුළ එහි සභාපතිත්වය ශ්‍රී ලංකාවට පිරිනැමීමටත් පියවර ගෙන තිබෙනවා. ඒ වගේම එම සමුළුවට කලාපයේ විදේශ අමාත්‍යවරුන් සියලු දෙනාම සහභාගි වීමට නියමිතව තිබෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡා වට කීපයක් ඔවුන් පැවැත්වීමට නියමිතයි. මේ වෙනකොටත් මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව ඉරානය ඕමානය, සිංගප්පූරුව, ජපානය ආදී රටවල් ඒ සඳහා සහභාගි වීමට නියමිතයි. ඒ වගේම ඔක්තෝම්බර් 15 -16 චීනයේ සංචාරයක නියුතු වීමට ජනාධිපතිවරයා නියමිතව තිබෙනවා. ඒ අනුව චීනය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාත් ඉන්දියාවේ ජනාධිපතිවරයාත් ලෝකයේ නායකයන් එකතු කරමින් මේ කලාපය ඉදිරියට ගෙන යන්න උත්සාහ දරන බවක් අපට පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි දෙවැනි වාරිකය ලැබෙන්නේ නැහැ කියලා විපක්ෂය දිගින් දිගටම කිව්වා. යද්දි කිව්වා ලැබෙන්නේ නැහැ කියලා.ලැබුනට පස්සේ කිව්වා, ප්‍රමාදවෙලා යන්න එපා කියලා අපි කිව්වාකියලා. මේකට දැන් ප්‍රමාද වැඩියි කියලා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රැස්වීම මොරොක්කෝවේ දී පැවැත්වෙනවා. ඒ සඳහා මහ බැංකුවේ අධිපතිතුමා, ෂෙහාන් සේමසිංහ අමාත්‍ය තුමා ඇතුළු පිරිසක් සහභාගි වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පහුගිය කාලේ කිව්වේ, රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම සඳහා තවත් ජනතාව වෙත බර පැටවීමක් අවශ්‍ය වෙනවයි කියලයි. නමුත් ජනාධිපතිතුමා එවැනි බරක් ජනතාව තවදුරටත් පැටවීමට අපේක්ෂා කරන්නේ නැහැ. ඔහු කිව්වේ දිගින් දිගටම ජනතාවට සහන දීම අවශ්‍යයි කියලා. එනිසා විකල්ප යෝජනා ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කිරීමට මේ දූත පිරිස බලාපොරොත්තු වෙනවා. ලංකාවේ මන්ත්‍රීවරු ජිනීවා සමුළුවට ගිහිල්ලා කේලම් කියන්න සුදානමක් තිබුණා. සජබේ නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක නියෝජනය කරන ජිනීවාවලට ගිහිල්ලා තිබුණා. ඔවුන්ට වෙලාවෙන් කරලා දීලා තිබියදී ඊට කලින් දිනයේ හොඳටම මත්පැන් පානය කරලා ඔවුන්ට හොඳටම වැඩි වෙලා, පහුවදා අදාල වෙලාවට ඔවුන්ට එතැනට යන්න බැරිවෙලා, කේලම් ටික කියාගන්න බැරි වෙලා ලංකාව අපකීර්තියට පත් කරලා තිබෙනවා. ඔවුන්ට වෙලාව දීලා තිබුණු කාලයක් පහු කරලා උදේ නැගිටිද්දී එකොළහත් පහුවෙලා අවසානයේ ඒකත් හරියට කරගන්න බැරුව විනයක් නැතුව ඉන්න බේබද්දෝ ජිනීවාවලට යවලා රට අපකීර්තියට පත් කරන්නට ඔවුන්ට හැකියාව ලැබුණා. ඒ වගේම අනුර කුමාර දිසානායක මහත්තයා කියනවා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මානව හිමිකම් නැති කරනවා කියලා. රනිල් වික්‍රමසිංහ ආවේ නැත්නම් මානව හිමිකම් තියා රටේ ඉන්න වෙන්නෑ මේ කියන අයට. රටේ ඕනෑම දෙයක් කරන කොට එහි නියාමනයක් තිබිය යුතුයි. ඕනෑ කෙනෙකුට ඕනෑ විදිහට වාහන පදවන්න කියලා දුන්නොත් මේ රටේ වාහන පදවන්න පුළුවන් වේවිද? ඒ නිසා තමයි රථවාහන නීතියක් ස්ථාපිත කරලා තිබෙන්නේ. සමාජ මාධ්‍ය හරහා සිදුවන අපරාධ සහ වැරදි වළක්වා ගැනීමට නියාමනයක් අවශ්‍ය වෙනවා. ඒ තුළ දී වෙනත් කෙනෙකුට වෙන්න පුළුවන් හිංසනය වලක්වා ගැනීමට අපිට හැකියාව ලැබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ රටේ ජනතාවට හිංසනයක් පීඩනයක් ගෙනදෙන පක්ෂ නිසා ඔවුන්ට ඒ දේට ඉඩ දෙන්න කියලයි ඔවුන් කියන්නේ කියන එක පැහැදිලි යි . ඒ වගේම සජබ පිරිස කියනවා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණය තියයිද දන්නෙත් නෑ. දැන් ඒකටත් බයයි කියලා. එක් අතකින් බය වෙන්නත් ඕනේ, මේ වගේ මිනිස්සු අතට මේ රට ගියොත් රටට වෙන විනාශය ගැන දැන් ඉඳන්ම කියන්නට පුළුවන්. මැතිවරණයක් මේ අවුරුද්දේ ඇත්තෙත් නැහැ. මැතිවරණය නිශ්චිත කාලයට ප්‍රකාශයට පත් කිරීම මැතිවරණ කොමිසම සතුවයි තිබෙන්නේ. එක්කෝව්‍යවස්ථාව දන්නෙ නැහැ. නැත්නම් මැතිවරණ නීතිය දන්නේ නැහැ. ජනාධිපතිවරය පැවැත්වීම සඳහා නිශ්චිත කාලය ආ පසු ජනාධිපතිවරයාගේ ඉල්ලීම මැතිවරණ කොමසාරිස් වරයාට ඉදිරිපත් කරයි. මැතිවරණ පැවැත්වීම කොමිෂමේ කාර්යභාරය කියන එක අපි හැමෝටම තේරෙනවා. මැතිවරණ පැවැත්වීම ජනාධිපතිවරයා ගේ කාර්යභාරය නෙමෙයි. එය මැතිවරණ කොමිසම නියමිත කාලයට පවත්වාවි.

No comments

Powered by Blogger.