එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රන්ගේ බණ්ඩාර මහතා අද(2023/11/07) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රන්ගේ බණ්ඩාර මහතා අද(2023/11/07) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්
පසුගිය සතිය වඩා සුබදායි සතියක් විදිහට ශ්‍රී ලාංකික අපිට හඳුන්වන්නට පුළුවන්. ඉන්දියාවේ විදේශ අමාත්‍ය නිර්මලා සීතාරාම් මැතිණිය ලංකාවේ ඉතා වැදගත් උත්සවයකට සහභාගී වුණා. වතුකරයේ දමිළ ජනතාවට වසර 200 ක් පිරීම නිමිත්තෙන් පැවති නාන් දෙසීය යන උත්සවයටයි. එම ජනතාව වෙනුවෙන් නිවාස දහදාහක් පරිත්‍යාග කිරීමට ඉන්දියානු රජය ඒ හරහා පියවර ගත්තා.
ඒ වගේම ලංකාවේ විහාරස්ථාන සඳහා සූර්ය පැනල ලබාදීම වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 15 ක මුදලක් ලබා දීමත් මෙහිදී සිදු වුණා. ඒ වගේම නිවාස වැඩසටහන සහ අධ්‍යාපනය වෙනුවෙන් තවදුරටත් සහයෝගය දක්වන්නට සූදානම් බවත් එහිදී අමාත්‍යතුමිය ප්‍රකාශ කර සිටියා. මීට පෙරත් අපි ආර්ථිකව වැටුණු වෙලාවේ දී ඩොලර් මිලියන 4ක අත්‍යවශ්‍ය ආධාර ලබා දීමත් සිදු වූණා. විශේෂයෙන්ම මල්වතු පාර්ශවයේ මහ නා හිමියන් එතුමියට විශේෂයක් ස්තුතියක් සිදු කරන්නට අමතක කළේ නැහැ.
විශේෂයෙන්ම ජාත්‍යන්තර කාන්තා දිනයේදී අපේ ජනාධිපතිතුමා ලෝකයේ කාන්තාවන් තිදෙනෙක් ගැන කතා කළා. එහි දී ප්‍රමුඛස්ථානය ලැබුණේ සීතාරාම් මැතිනියට කියන එකත් අපි මේ අවස්ථාවේ මතක් කළ යුතුයි.
පාර්ලිමේන්තුවේ සියලු දෙනාටම ජනතාව දෝෂාරෝපණය කළා. අරගලයක් ඇති වුණා. ඔවුන් වෙනසක් බලාපොරොත්තු වුණා. ඒ වගේම පාර්ලිමේන්තුවේ දී පිරමීඩ ජාවාරමේ දී අගතියට පත් මිනිස්සු ගැන කතා කරන්නෑ කියලා නැවතත් දෝෂාරෝපණය කරනවා. තමන්ගේ තණ්හාවට නීත්‍යානුකූල නොවන මාර්ගවල මුදල් තැන්පත් කරලා ඔවුන්ට වැරදුනාම ඒකටත් 225 වග කියන්න කියලා මතයක් දැන් නිර්මාණය කරලා තිබෙනවා.
විශේෂයෙන්ම හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුත්තේ කොහොමද? දේශපාලනඥයින්ගේ දේශපාලන පිටිය සකස් විය යුත්තේ කෙසේද ?කියන එක පිළිබඳව ජනාධිපතිවරයා කමිටුවක් පත් කරලා තිබෙනවා. මෙම කමිටුවට ඕනම කෙනෙකුට අදහස් දැක්වීමේ හැකියාව තිබෙනවා. එනිසා වෙනස කරන්න අවශ්‍ය පසුබිම ජනාධිපතිවරයා නිර්මාණය කරලා තිබෙනවා.
කාගෙවත් ගෙවල් ගිනි තියලා, මිනිස්සුන්ට පහර දීලා, වෙනස අපේක්ෂා කරන්න බෑහැ. නීත්‍යානුකූලව ඒ වෙනස ලබා ගත යුතුයි. ඒ නිසා ඒ නීත්‍යානුකූලභාවය ට අවශ්‍ය නිත්‍යානුකුල පදනම මේ සමග නිර්මාණය වෙනවා. ඒකටත් කියන්න හදන්නේ මැතිවරණ කල් දාන්න, ඡන්ද ගුණ්ඩුවක් විදියට මේක පාවිච්චි කරනවා. ජනාධිපතිවරණය සහ අනෙකුත් මැතිවරණ කල් දාන්න හදනවා කියලා චෝදනා කරනවා.
ඒ වගේම වෙරිටේ research ආයතනය වර්තමානයේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයාට තිබෙන ප්‍රසාදය 9% දක්වා අඩුවෙලා කියලා ප්‍රකාශ කරනවා. කලින් 34% ක් ජනාධිපතිතුමාට තිබුණු ජනප්‍රියතාව එක සතියෙන් සීයට නමයට අඩුවෙලා තිබෙනවා. විශ්වාස කරන්න කියලද අපිට කියන්නෙ. විදුලි බිල ඉහළ දැමීම් වැනි කාරණා පදනම් කරගෙන යම් කිසි අඩුවීමක් සිදු වීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේ ඉහළ යාම් වලට වගකියන්න ඕන, 1994 ඉදන් මේ දක්වා පත්කර ගත් බලධාරීන් විසින් යැයි කියන එක අවධාරණය කළ යුතුයි. පත්කරගන්න මුල් වුන ජනතාවට ඒක අද විඳවන්න වෙලා තිබෙනවා. එනිසා පහුගිය මාර්තු මාසේ අපි ජීවත් වුණු විදිහත්, අද වෙනකොට පෙනෙන විදිහත් සංසන්දනය කරලා බලද්දී අපිට කොතනද මේ ජනාධිපතිවරයා ඉන්න ඕන කියන එක හොඳින්ම තේරෙනවා. මේ ආයතනයේ නිශාන් ද මෙල් කියන මහත්මයා ආර්ථික ස්ථායිකරණ කමිටුවේ තනතුරක් බලාපොරොත්තුවෙන් හිටියා. ඔහුට තනතුරක් ලබා දුන්න නං මේ research ආයතනය මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්නේ නැහැ. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පිහිටුවන්න කියපු, ව්‍යවස්ථාදායක සභාවට උපදෙස් දෙන කමිටුවක් පත් කරන්න යෝජනා කළා. ඒ කමිටුවෙන් සාමාජිකයෙක් වෙන්න ඔහුට අවශ්‍යතාවයක් තිබුණා. එයත් ඉෂ්ට වුණේ නැහැ ඊට පස්සේ සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණට අදාළ ජාතික ජන බලවේගයට සහාය දෙමින් විවිධ දේවල් ප්‍රකාශ කළා. ඒ වගේම පහුගිය කාලේ ඊ. පී. එෆ් සහ ඊ ටී. එෆ් පොලී අඩු කරනවයි කියලා උසි ගැන්නුවෙත් මේ මහත්මයා ම තමයි. ඒක නිසා අපි ඔහුට කියන්න කැමතියි ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැත්නම් වෙන ක්‍රමයක් තෝරගන්න, රටට වින කරමින් මේ වගේ දේවල් සිදු කරන්න එපා කියලා.
ඒ වගේම අස්වැසුම ලබාගැනීමේදී අපහසුතාවයට පත්වූ යම් යම් පිරිස් වෙනුවෙන් අස්වැසුම සතියක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. එම නිසා ඒ පිරිසට ප්‍රාදේශීය ලේකම් කාර්යාලට ගොස් විසඳුම් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.
අද අපි දැක්කා පත්තරේ තියෙනවා, විපක්ෂනායකවරයා කියලා කැබිනට් උප්පරවැට්ටි වගේ බොරු දේවල් වලින් ක්‍රිකට් ගොඩ දාන්න බෑ කියලා. කැබිනට් මණ්ඩලයේ ක්‍රිකට් වලට අදාල ඇමතිවරයෙක් අලුතෙන් පත් කරලත් නැහැ. වෙනස් කරලත් නැහැ. මට තේරෙන්නේ නැහැ, මොනවා කියනවද කියලා. දැන් සබ්රි මන්ත්‍රීවරයා නෙරපන්න කටයුතු කරලා තිබෙනවා,කරපු වැරැද්දත් එක්ක. නමුත් සමගි ජන බලවේග මන්ත්‍රීවරයෙක් පසුගිය සතියේ නීති විභාගය කොපි කරල අහු වෙලා තිබෙනවා. ඒ වගේම එතැනදී මන්ත්‍රීවරයා බේරගන්න සජිත් පෙමදස සහ විපක්ෂ ක්‍රියාකරමින් ඉන්න බව මාධ්‍යයේ එකක් සඳහන් කරලා තිබුනා. නීති හදන්න ඉන්න තැන ඉන්න කෙනා, විභාගෙට ගිහිල්ලා කොපි කරලා නීති විරෝධී වැඩක් කරලා අහු වෙනවා.
ශ්‍රී ලංකාවේ එම පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධාය කරල තියෙන මේ අපරාධය පිළිබඳව පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා දරණ මතය කුමක්ද කියලා අපි දන්නේ නැහැ. එම නිසා දැන්ම කොපි කළ මන්ත්‍රීවරයා පක්ෂ නෙරපන්න, පුළුවන්නම් එහෙම කරලා පෙන්නන්න කියලා අපි අභියෝග කරනවා.
No comments