Header Ads

Header ADS

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්.
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ මහතා සුහද හමුවක් සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා හමුවීමට අද දින (01) මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණියේය. ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය ලබා දිය හැකි ආකාර සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම සාකච්ඡාවේදී මාර්ක් අන්ඩ්‍රේ මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග අදහස් හුවමාරු කරගනිමින් ශ්‍රී ලංකාවේ අභිලාශයන් ඉටු කරදීමට තමන් බලාපොරොත්තු වන බව ය. ඒ සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන 21ක් ඇති බවද ඒ මහතා සඳහන් කළේය. වැඩිදුරටත් මාර්ක් අන්ඩ්‍රේ මහතා අදහස් දක්වමින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳව නීති ගෝලීය අවශ්‍යතාවයක් බවද පවසා සිටියේය. එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සඳහා අදහස් සහ යෝජනා ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. එහිදී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳව ජාත්‍යන්තර සංවිධාන සමග අදහස් සහ යෝජනා හුවමාරු කරගැනීම සඳහා සහයෝගය ලබා දෙන බවද එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ මහතා, මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා වෙත ප්‍රකාශ කර සිටියේය.

No comments

Powered by Blogger.