Header Ads

Header ADS

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ගේ සංගමය අතර හමුවක්.!ii

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ගේ සංගමය අතර හමුවක්.! රජය ඉදිරියේදී ගෙන ඒමට නියමිත විවිධ අන පනත් හේතුවෙන් ජනමාධ්‍යවේදීන්⁣ හා සමාජ ක්‍රියාකාරීන් මුහුණ දෙන අභියෝග හා එම අභියෝග ජය ගැනීමට ගත හැකි ක්‍රියා මාර්ග කවරේද ? මැයෙන් , නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දීප ව්‍යාප්තව සංවිධානය කරන රැස්වීම් මාලාවේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික් වැඩ සටහන පසුගිය 21 සහ 22 යන දිනයන්හිදී කන්තලේ හා ත්‍රීකුණාමලයේ දී පැවැත්විණි. ⁣සමාජ ක්‍රියාකරුවන් සමග පැවති සාකච්ඡාව පසුගිය 21 දින පෙරවරුවේ කන්තලේ Lakefront හෝටලයේදී පැවැති අතර,එය ජාතික සහයෝගිතා සංවර්ධන පදනම මගින් සංවිධානය කර තිබුණි.එම හමුව සදහා ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ සිවිල් ක්‍රියාකාරීන් හා මාධ්‍යවේදීන් පිරිසක් එක්ව සිටියහ.ජාතික සහයෝගිතා සංවර්ධන පදනමේ සභාපති සුරංග රූපසිංහ මහතා කියා සිටියේ,ජනතා අයිතීන් සුරක්ෂිත කිරීමේ අරමුනින් ඉදිරියේදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ක්‍රියාත්මක කරනු ලබන සියළු වැඩ සටහන් සදහා තම ආයතනය සහය දක්වන බවයි. අනතුරුව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉදිරි අභියෝග ජය ගැනීමට අප ගත යුතු මග කවරේද ? මැයෙන් සාකච්ඡාවක් ඊයේ සවස (22) ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ජන මාධ්‍යවේදීන් සංගමය සමග ත්‍රීකුණාමලය මල්ලිකා හෝටලයේදී පැවැත්විණි.රජය ඉදිරියේදී ගෙන ඒමට නියමිත විවිධ අන පනත් මගින් ජන මාධ්‍යවේදීන්ට සහ සමාජ ක්‍රියාකරුවන්ට සිදුවන හානිය හා එම අභියෝග ජය ගැනීමට ගත යුතු මග පිලිබදව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වා මහතා පැහැදිලි කිරීමක් කල අතර,නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලබන වැඩ සටහන් හි ත්‍රීකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණය ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතම ජනමාධ්‍යවේදී සංවිධානයක් වන ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන්⁣ සංගමය තෝරා ගැනීමට තම සංවිධානය තීරණය කර ඇති බව කියා සිටියේය.මේ වන විට මාධ්‍යවේදීන්ට සහභාගිවීම වළක්වමින් වාරණයක් පනවා ඇති ත්‍රීකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සදහා නැවත මාධ්‍යවේදීන්ට සහභාගිවීම සදහා අවසර ලබා ගැනීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්,ත්‍රීකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී කපිල නුවන් අතුකෝරල හා ත්‍රීකුණාමලය අතිරේක දිසාපති අරූල් රාජ් මහතා සමග ද සාකච්ඡා කෙරුණු අතර ඊට ඉතාමත් යහපත් ප්‍රතිචාර ලැබුණු බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වා මහතා කියා සිටියේය.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු ලසන්ත ද සිල්වා මහතා කියා සිටියේ,මෙම තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාගෙන් හා ත්‍රීකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රීවරයාගෙන් කිසිදු විරෝධයක් පැන නොනැගුණු බවයි.ත්‍රීකුණාමලය අතිරේක දිසාපති අරූල් රාජ් මහතා සදහන් කර ඇත්තේ,දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් ඊට අකමැත්තක් නොදක්වන්නේ නම්,ඒ සදහා දිස්ත්‍රික් ලේකම්වරයාගේ ද අකමැත්තක් නොමැති බවයි.කෙසේ නමුත්,නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වා මහතා කියා සිටියේ,මෙම ප්‍රවේශය ඉතා වැදගත් බවත්,මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නැගෙනහිර ආණ්ඩුකාරවරයා හා ත්‍රීකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තුවරයා දක්වන සහයෝගය පිලිබදව අවධානයෙන් සිටින බවයි.

No comments

Powered by Blogger.