Header Ads

Header ADS

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ (16)පැවැති මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්,

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ (16)පැවැති මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්, අද මේ රටේ බොහෝ දේශප්‍රේමීන් බිහිවෙමින් ඉන්නවා. සැබෑ දේශප්‍රේමීන් නම් ඔවුන්ගේ ඉලක්කය වෙන්න ඕනේ ආණ්ඩුව වෙනස් කරන එක නොවෙයි. පළමුවෙන්ම මිනිස්සුන්ගෙ තියෙන දේශපාලන සාක්ෂරතාවය වැඩි දියුණු කරන එක පළමු වගකීම වෙනවා. දේශපාලනය කියන එක කුඩා ආලෝකයක් බවට අපේ රට ඇතුලේ පත්වෙලා තිබෙන්නේ, දේශපාලන නූගත් භාවය සමාජය තුළ ඔඩුදුවලා තියෙන නිසයි කියන කාරණය අපි පැහැදිලි කරගත යුතු වෙනවා. දේශපාලන නූගත්කම නැති නොකළොත් අපිට මේ රට කෙලින් කරන්නට බැරි වෙනවා. මේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ කරලා කරගෙන යද්දී ලෝකයේ එක තැනක ගිනිජාලා ඇතිවෙලා තිබෙනවා. අලුතෙන් නැවත පලස්තීන, ඊශ්‍රායලය යුද්ධයක් ආරම්භ වෙලා තිබෙනවා. හමාස් සංවිධානය ඊශ්‍රායලය පලස්තීන යුක්රේනය රුසියාව මේ හැම කෙනෙක්ම මේකට ඈඳිලා තිබෙනවා. දැන් ලෝක ආර්ථිකයට මොකක් වෙයිද? කොතනින් කෙළවර වෙයිද?කියන අවිනිශ්චිතභාවය තිබෙනවා. ඒ නිසා අපේ රටටත් ලෝකයටත් වඩා අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් ඉදිරියේ දී මුහුණ දෙන්න සිද්ධ වෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. ඒ අතරතුර සමහරු හරි සතුටෙන් ඉන්නවා මේ බලපෑමත් එක්ක ලංකාවේ ආර්ථිකයත් කඩා වැටිලා, මේ ආණ්ඩුවට කරගෙන යන්න බැරිව වැටෙනකන් ඔවුන් බලාගෙන ඉන්නවා. සමහරු කොළඹ උද්ඝෝෂණය කරනවා, උඹලට මිසයිලයක් ගහයි කියලා මත වාද හදනවා. කොහොමහරි කමක් නෑ, මේකෙන් අපේ රටට බලපෑමක් වෙලා, මොනවා හරි දෙයක් සිද්ද වෙලා මේක විනාශ වෙනකන් ඉන්න පිරිසක් සමාජයේ හැසිරෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේක කරන්න බැරි වෙනවා නම් ඒක තමයි ඔවුන්ගේ ජයග්‍රහණය කියලා හිතෙන තරමට පහත් තත්වයට වැටිලා තිබෙනවා. ඒ නිසා එවැනි පිරිසක් ඉන්න රටක දේශපාලන සාක්ෂරතාවය ඉහළ දමන්නේ නැතුව මේ රට ගොඩ ගන්නට බැහැ. දේශපාලනයේ නො සිටි අයට රාජ්‍ය බලය දීලා කරගත්තු විනාශය හොඳින්ම අපිට වැටහෙනවා. සිස්ටම් චේන්ජ් කරන්න කියලා ගෙනල්ල රටම අමාරුවේ වැටුණා. තමන්ට හම්බෙන සහනාධාරය ගැන හිතලා මිනිස්සු සතුටු වුණා. පොහොර සහනාධාරය දෙනවා කියලා මිනිස්සු ඡන්දය දුන්නා. බදු සහන ලබා දෙනකොට මිනිස්සු සතුටු වුණා. ඒවට අත් පොලසන් දීල පිළිගත්තා. අවසානයේ ලෝක ආහාර අර්බුදයක් අත ළඟ තියෙද්දි කාබනික පොහොර සංකල්පයකට ගිහිල්ලා රටේම කෘෂිකර්මය වැට්ටුවා. ඒ වගේම ජාතිවාදය ඕනෑම වෙලාවක එනවනං ඒකට බොහොම හොඳින් සහයෝගය දුන්නා. රට මෙච්චර වැටිලා තියෙද්දි රටට ඩොලර් ගේන්න එපා කියලා කියන දේ අහන්න තරම් දේශපාලනිකව දෙපාරක් නොහිතා තීරණය කරන මිනිස්සු පසුබට වුණේ නැහැ. ඒක තමයි දේශපාලන නූගත්කම කියලා කියන්නේ කියන එක අපි තේරුම් ගත යුතුයි. තමන්ගේ පක්ෂය කියන දේ හරි යයි කියල නිතරම හිතනවා ඇරෙන්නට ඉන් එහාට ගිහිල්ලා මැදහත්ව දෙයක් ගැන කල්පනා කරන්නේ නැහැ. වේදිකාවල මාධ්‍ය හරහා කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන්න සෙනඟ ගෙනල්ලා මිනිස්සු පෙන්නලා කතා හදන්න ඕන කෙනෙකුට පුළුවන්. මිනිස්සු මේ හැමදේටම අහු වෙනවා. ජනාධිපතිවරයා ලෝකයේ සමාජවාදී රටවල් එක්ක පවා සම්බන්ධතාවය හදාගෙන මේ වෙලාවේ ක්‍රියා කරමින් ඉන්නවා. නමුත් තුන් දෙනෙක්වත් එකතු කරගන්න බැරි පක්ෂවලට ලොකු සෙනග ගේන්න සල්ලි හම්බෙනවා. මේ මුදල් කොහෙන්ද ලැබෙන්නේ කියලා ජනතාව කල්පනා කරන්නේ නෑ. සද්දෙට, ලස්සනට කතා කරන එකට මිනිස්සු අහුවුනත් දැන්වත්, අහුවෙන එක නතර කළ යුතුයි. 1956 සිංහල රාජ්‍ය භාෂාව කියන කාරණයට අහුවුණා. හඳෙන් හාල් ගේනවයි කියන එකට අහුවුණා. සේරුවට සේරු දෙකට අහුවුණා. ඊට පස්සේ ජාතිවාදයට අහුවුණා. අපි හැමවෙලේම ජාතියක් විදියට මෙහෙම අහුවෙලා අන්තිමේදී වඳ කොත්තු වලටත් අහුවෙලා, පැලෝපිය නාලය මිරිකලා දරුවෝ නැති කරනවා කියන එකටත් අහු වුණා. ඊට පස්සේ කැලණිය නාග රාජයා දක්වා කෑගල්ලේ ධම්මික පැණිය දක්වා, අහුවුණා.පිරමීඩ කාරයින්ටත් අහුවෙනවා. දේශපාලනය වශයෙන් වගේම සාමාජීය වශයෙනුත් මිනිසුන්ගේ අහුවෙන එක රටට ලොකු ප්‍රශ්නයක්. දැන් ලොකු චෝදනාවක් කරනවා මැතිවරණ කල් දානවා කියලා. අපි ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයත් එක්ක ඡන්ද බලය හම්බවෙලා, රාජාණ්ඩු ක්‍රමය වෙනුවට ඡන්ද බලය පාවිච්චි කරමින් සෘජුවම ප්‍රජාතන්ත්‍රවාදය විදිහට නියෝජිතයන් පත්කර ගැනීමට අපිට අවකාශය ලැබුණා. දැන් සමහරු අහන්නේ අපි මේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකට දාලා ආපහු රාජාණ්ඩු කරනවද කියන කතාව ප්‍රශ්න කරමින් ඉන්නවා. 94 ඉදන් ජනතා බලයට හිස නමලා ගෙදර ගිහිල්ලා හිටපු කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ කියන එක මතක් කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ බලයට කෑදර පක්ෂයක් නෙවෙයි. 2002 දී චන්ද්‍රිකා මැතිනිය අමාත්‍යාංශය අත්පත් කරගත් වෙලාවෙදි, 2018 බලහත්කාරයෙන් අගමැතිධුරය අත්පත් කරගත් වෙලාවේදී, පුළුවන්කම තියෙද්දී, එක ඡන්දෙන් වෙනස් වෙන්න උත්සාහ කරන්න හැකියාව තියෙද්දී ඇහුම්කන් දීලා ජනතාවගේ කැමැත්තට ඉඩ දීලා ඔහු නිහඬ වුණා. ඇත්තටම ඡන්දෙ ඉල්ලන්නේ ජනතාව ද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. බංකොලොත්භාවයෙන් රට මුදා ගන්න කියන එකයි මිනිස්සු ඉල්ලූවේ. දේශපාලන කල්ලි වල අවශ්‍යතාවයට මැතිවරණයක් ඉල්ලුවාට රටේ ඇත්ත තේරුම් අරගෙන ක්‍රියාත්මක කරන එකයි හරි දේශපාලන පක්ෂයක වගකීම බව මතක් කළ යුතුයි. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි අපේ කැපවීම පෙන්නලා තිබෙනවා. ඒ වගේම ජනතාවගේ ඡන්ද අයිතියක් අපි ආරක්ෂා කරලා දෙනවා. 1977 වෙද්දී රට කඩාවැටිලා ජනතාව අසරණ වෙලා,පාන් රාත්තලක් ගන්න බැරි වෙද්දි, රට භාරගත් එක්සත් ජාතික පක්ෂය රට හොඳ තැනකට ගෙනාවා. රට වැටිච්ච වෙලාවේ, කවුරුත් බාරගන්නේ නැති වෙලාවේදී, රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රට බාර අරගෙන බය නැතුව ගමනක් යනවා. ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්න අපි පක්ෂයක් විදිහට ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා ඉන්නවා. නිසි පරිදි බෙහෙත් ටික ලබා දීලා, කෑම ටික ලබා දීලා, ජනතාව නොමැරී ජීවත් කරන වගකීම ජනාධිපතිවරයාට තිබෙනවා. මේ රටේ උද්ධමනය තිබුණේ සියයට හැත්තෑ ගානකට ඉහල ගිහිල්ලයි. නමුත් අද 4%ට අඩු කරගන්න අපිට හැකි වෙලා තිබෙනවා. ආචාර්යවරු, මහාචාර්යවරු මේ ප්‍රශ්න ගැන කතා කරන අය, මේ ප්‍රශ්න වලට විසඳුම් දුන්නේ නැහැ. බදු සල්ලි වලින් ඉගෙන ගත්ත පිරිස් මට මොනවද වෙන්නේ කියලා හිතුවා මිසක් රට ගැන හිතුවේ නැහැ. මේ රට දාලා ගියා. ජනාධිපතිතුමා එවෙලාවේ රට අතට අරගෙන මේ රට හදලා පෙන්නූවා. මේ රටේ ලේ ගලන තත්ත්වයට සමහර අය මේ රට පත් කළා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලයට එන්න හදපු හැම අවස්ථාවකම දේශපාලනයෝ ඔක්කොම එකතුවෙලා, එතුමා බලයට එන එක නැවැත්තුවා. රනිල් වික්‍රමසිංහට මේක බෑ කිව්වා. මේක කරන්න හැකියාවක් නැහැ කියලා කොච්චර දේවල් කිව්වද? එහෙම මත වාද එක්සත් ජාතික පක්ෂයටත්,පාක්ෂිකයන්ටත් ඔලුවට දාලා ඔවුන්වත් විනාශ කරන්න මේ රටේ දේශපාලනයින් ක්‍රියා කළා. සමහර බලවේගවලට රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපති පුටුවට එන එක වළක්වන්න අවශ්‍ය වුණා. ජාත්‍යන්තර නායකයත් එක්ක හොඳින් ගැටිලා ඔවුන්ගේ පදයට නටන්නේ නැතුව රට ස්ථාවරව හොඳ ජාත්‍යන්තර සම්බන්ධතා ඇති කර ගත හැකි සමබර රාජ්‍ය නායකයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ දැන් හොඳින් පෙනෙන්නට තියනවා. ඒ දක්ෂතාව එතුමට තියෙන නිසා තමයි දීර්ඝකාලීනව එතුමාව බලයට ගේන එක නවත්තන්න බොහෝදෙනෙක් ක්‍රියාත්මක වුණේ. මේ රටට ශක්තිමත් නායකයෙක් පැමිණීම භූ දේශපාලනික වශයෙනුත් බොහෝ රටවල් වලට, දේශපාලකයන්ට බලපෑමක් වෙනවා. ඒ වගේම ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ එතුමා ක්‍රියාත්මක කරගෙන යනවා. අපිට පරණ ලෝකය නෙමේ දැන් ජීවත්වෙන වෙලා තිබෙන්නේ අලුත් ලෝකයකයි. ලෝකයේ වේගයෙන් බලශක්තිය අර්බුදයකට යනවා. ඒ වෙනුවෙන් එතුමා ලහිලහියේ සූදානම් වෙනවා. එදත් ඒ කාරණය පැහැදිලි කළා. අද ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. මේ ලෝක අර්බුදයේදී,දේශගුණික විපර්යාසයේ දී අවුරුදු පහෙන් පහට රට ගොඩනගලා 2048දී දියුණු රාජ්‍යයක් කරන එක තමයි එතුමාගේ අපේක්ෂා වෙලා තිබෙන්නේ. ඉස්සර ගොඩක් කතා කිව්වා. ඉන්න රටක් තියෙන්න ඕන කීවා, ඉන්න හිතෙන රටක් කිව්ව. දැන් ඒ ඉන්න හිතෙන රටක් බවට පත්කිරීමේ වගකීම එතුමාට පැවරිලා තියෙනවා. ඒ නිසා අපි විවිධ රටවල් උදාහරණයට ගන්නවා වගේම අපේ රටට ගැළපෙන ක්‍රමවේදයක් ස්ථාපිත කරගෙන මේ ක්‍රම වෙනසත් එක්ක ඉදිරියට යා යුතු බව තේරුම් ගත යුතු වෙන

No comments

Powered by Blogger.