Header Ads

Header ADS

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආශුබෝධ මාරසිංහ මහතා අද (14) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආශුබෝධ මාරසිංහ මහතා අද (14) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්
ගෑස් නැතුව, තෙල් නැතුව, ආහාර නැතුව අරාජික වෙලා තිබුණු රටක අද වෙනකොට මම මෙතන වාඩිවෙලා ඉන්නේ බොහොම සතුටින්. කවුරුන් කුමන කතා චෝදනා කළත්, ජනාධිපතිතුමා පැහැදිලිව නිර්ණායක සහ හේතු සහිතව මේ රට කොතැනටද යා යුත්තේ කියන එක ප්‍රතිපත්ති සකසමින් තීරණය කරලා තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ඇමෙරිකානු ඩොලර් මිලියන 337 ක් අපිට ලැබෙන්නට නියමිතයි. එය ස්ථිර වෙලා තිබෙනවා. ඒ අනුව ලැබීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 03ක ණය මුදලේ දෙවෙනි වාරිකය මේ ආකාරයට ලබා ගැනීමට අපිට හැකියාව තිබෙනවා. බදු අදායම් ලබා ගැනීමේ ආයතන වන රේගුව, අදායම් බදු, සුරාබදු දෙපාර්තමේන්තු මගින් මඟ හැරීමකින් තොරව බදු අදායම එක් රැස් කර ගැනීමේ හැකියාව වර්ධනය වී තිබෙනවා. ඒ වගේම මෙම රාජ්‍ය නිලධාරීන් නිවැරදි පරිදි බදු එකතු කර ගන්නේ නැතිනම්, මගහරිනවා නම්, එයට විරුද්ධව නඩු පැවරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා වෙමින් තිබෙනවා. බදු එකතු කිරීමේදී තිබෙන්නේ තමන් විසින්ම එය පුරවා තමන් ගෙවිය යුතු බදු ප්‍රමාණය සටහන් කර දැක්වීමයි. ආදායම් බදු එකතු කරගන්න ෆයිල් දාහක් අරන් බැලුවොත් ඒ දාහටම උපදෙස් දෙන්න චාටරඩ් එකවුන්ටන්ට් ආයතන විසි හතකින් තමයි සිද්ධ වෙන්නේ. බදු හංගන විදිහ ලාභ නොපෙන්වා ඉන්න ආකාරය පිළිබඳ උපදෙස් දෙන්නේ මෙන්න මේ ආයතන විසිහත විසින් කියන එක පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. මේ රාජ්‍ය ආදායමට වැට බඳින ආයතන විසි හතේ නිලධාරීන් ගැන මාධ්‍යවේදීන් වන ඔබ සොයාබැලිය යුතු වෙනවා. දේශීය ආදායනම් දෙපාර්තමේන්තුවේ හෝ කස්ටම් එකේ හෝ හිටපු නිලධාරීන් ඉක්මනින් විශ්‍රාම ගිහිල්ලා දැන් කොහෙද වැඩ කරන්නේ කියන එක සොයා බැලිය යුතුයි. මේ ආර්ථිකයේ තියෙන විශාලම අර්බුදය මේක කියන එක පැහැදිලිව පේනවා. අපි ආයතන 39 ක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ පිළිබඳ සමාලෝචනයක් කරාට පස්සේ දැනගත්තා. මෙන්න මෙම ආයතන විසි හතක් මගින් මේ කාරණා සිද්ධ කරමින් සිටින බව හෙළිදරව් කරගත්තා. එනිසා මේ සිද්ධිය නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ වැඩිමෙන්ම දූෂිත වෙලා තිබෙන්නේ දේශපාලඥයන්ට වඩා රාජ්‍ය නිලධාරීන් කියන එක පැහැදිලිව පේනවා. තමන්ගේ දරුවන්ව ජාත්‍යන්තර පාසල්වලට යවලා, විදේශ වලට යවලා මේ රාජ්‍යාදාම මංකොල්ලකන්න උත්සාහ කරන නිලධාරීන් පිළිබඳව අපි අවබෝධයෙන් සිටිය යුතු වෙනවා. සියයට 75ක් ආදායම් බඳු සහ අනෙකුත් බදු එකතු කරන නිලධාරීන් හොඳින් ඒ කාර්යය කරද්දී සියයට 25ක් පමණ දෙනා සමාගම් 27කට සේවය කරනවා නම්, අපි සූදානම් ඔවුන් පිළිබඳව සොයා ගන්න. ඔබ සූදානම් වෙන්න අපි ඔබ පසුපස එනවයි කියන එක මතක් කරන්නට කැමතියි. දිනපතා අපි බදු ආදායම් පිළිබඳව විමසිල්ලෙන් ඉන්නවා. ඒ පිළිබඳව ගණනය කිරීම් කෙරෙනවා අද වන විට බිලියන 2541 බදු ආදායමක් එකතු කර කර කරගෙන තිබෙනවා. ඒ වගේම බදු නොවන ආදායම බිලියන 250කට ආසන්න ප්‍රමාණයක් රැස් කරගෙන තිබෙනවා ඒ නිසා අපි නිරන්තර නිරීක්ෂණයෙන් පසු වෙනවා. බදු එකතු කිරීම් සිද්ධ වෙනවා. මේ බදු මගහැරීමට සහ පැහැර හැරීමට උදව් කරන නිලධාරින් සම්බන්ධ විශේෂ පරීක්ෂණ කටයුතු සිදු කරන බව අපි දැනුම් දෙන්නට කැමතියි.

No comments

Powered by Blogger.